Gboard Voice typing

ඔන්න යාලුවනේ අද ගෙනාවා අලුත්ම app එකක් සරලවම මේක සිංහල ටයිප් කරන්න අලුත්ම විදියක් ❤️ටයිප් කරන්න කිව්වට මේකට ටයිප් කරන්නම ඕන නෑ. අපට තියෙන්නෙ phone එක දිහා බලාගෙන කතා කරන්න විතරයි. මේක දුන්නෙ google සමාගමෙන් 😉 එහෙනම් ඔය පාත screenshot  එකේ තියෙන ඇප් එක අප්ඩේට් කරගන්නකො 😉 ප්ලේ ස්ටෝර් එකේ තියෙනව මේක.



හරි එහෙනම් ඒක කරගෙන ඉවර වෙලා ඔයාලගෙ පෝන් එකේ තියන google app එක desabale කරල තියනවනම් ඒකත් anbale කරගෙන් update කර්ගන්න් ඕනි👈 ඕක නැති වෙන්නෙ නෑ අනි වාරෙන් තියනව සමහර අය system app අයින් කරනවනෙ ඔය root උදවිය අන්න ඒක ආය download කරගන්න
ඊලගට තියෙන්නෙ taxt to speech කියන app එක update කරගන්න එක ඒක නැති අය ඉන්නවද් දන්නෙ නෑ මගේ පෝන් එකෙනම් තිබුනෙ නෑ මම download කර ගත්ත ඒක පෝන් එකට එනම app එකක් මගේ නැති උනාට😢 
ඔන්න ඕම අප්ඩේට් කරන්න තියේනම් කරගන්න. ඔයා හෙලකුරු වගේ ඇප් එකක් පාවිච්චි කරනවනම් සෙටිංග්ස් වලට ගිහින් ඔය පාත වගේ පෙන්නන තැනක default keyboard  එක google keyboard  එක දෙන්න ❤️

 ඔහොම හදාගන්න. ඊට පස්සෙ  කොහෙහරි ටයිප් කරන්න ගිහින් බලන්න කීබෝඩ් එකේ අයිනෙන් මයික් එකක අයිකන් එකක් පෙන්නයි.පාත පොටෝ එකේ වගේ 😊



හරි දැන් ඔහොම එනවනම් අව්ලක් නෑ. ආවෙ නැත්තන් ඔය පාත පොටෝ එකේ වගේ language වලට සිංහල ඇඩ් කරන්න 😊



හරි.එතකොට මයික් එකක් එයි.ඒක ටච් කරන්න තියෙන්නෙ.එතකොට පාත පොටෝ එකේ වගේ පෙන්නයි 😊



දැන් ඔයා මොනාහරි කියල බලන්න. ගොඩක් දුරට වචන අඳුරගන්නව මේකෙන්.තාම ටිකක් අලුත් නිසා පොඩි පොඩි වැරදි ඇති 😐 ඒව ඉස්සරහට නිවැරදි වෙයි 😊 එහෙනම් ඉතින් ටයිප් කරන එක අත ඇරල කතා කරන්න පටන් ගන්න 😉😊 මොනාහරි ප්‍රශ්නයක් තිබ්බොත් පේජ් එකට මැසේජ් එකක් දාන්න ❤️ අපි ගියා එහෙනම් 😊තවත් පෝස්ට් එකකින් හම්බෙමු ❤️😍😙



Comments