change name before 60 days

ඔන්න අද බට්ටා දෙන්න යන්නෙ ගොඩක් ෆේස්බුක් ගෲප් වල එහෙම දැකපු පෝස්ට් එකක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ එකවුන්ට් එකේ නම වෙනස් කරන්න ගිහින් නම වරදින එක හරි නැත්තන් වෙනස් කරන නම ආයෙත් ගන්න ඕනකමක් ඇතිවෙන එක හරි. ඉතින් ආයෙ නම වෙනස් කරන්න ගියාම බුකියෙන් කියනවනෙ දවස් හැටක් ඉඳල වරෙන් කියල 😂 නම වෙනස් කරගන්ඩනම් ඉතින් ඒ කාලෙ ඉන්ඩම වෙනව. මොන කරන්නද. හැබැයි අද බට්ටා මේකට විසඳුමක් දෙන්නම්.හැබැයි මේක 100% ම විසඳුමක් කියන්න බෑ. මොකද මේකෙන් පුලුවන් නම වෙනස් කරන්න කලින් තිබ්බ නම ගන්න විතරයි. හැබැයි ඉතින් වෙලාවෙ හැටියට ඕකත් වටින අය ඉන්නවනෙ 😉 ඒ හින්ද මේක නොදන්න අයට 😊 එකටම කරන්න තියෙන්නෙ ඔය පාත ලිංක් එකට යන එක
       
                                                          මෙතනින්

අපිව ශුවර් නැති අය ඉන්නවනම් මෙන්න මේ ලිංක් එක ටයිප් කරන්න වෙබ් බ්‍රව්සර් එකේ

m.facebook.com/hacked

සිරාම සීන් එකනම් ඕක තියෙන්නෙ හැක් උන ෆේස්බුක් එකවුන්ට්ස් හදාගන්න උදව්වක් විදියට. ඒත් මේකෙන් අපට ඕන වැඩේ වෙනව. හරි. දැන් ඔය ලිංක් එකට ගියාම එයි මේ වගේ 👇👇



ඔතන ඔය මම දීල තියෙන්නෙ අන්තිම එකක්.අන්න ඒක දෙන්න හේතුව විදියට. අනිත් ඒව දුන්නට අපේ නම වෙනස් කරන්න දෙන්නෙ නෑ. ඒක දීල continue කරාම එනව fb ඇක් එක secure කරන්න කියල.එතන get started කියන එක ටච් කරල යන්න. එතනින් එහාට ඔයාට තේරෙයි කරන හැටි. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පේජ් එකට මැසේජ් එකක් දාන්න.එතකොට අපිට පුලුවන් උදව් කරන්න. එහෙනම් අපි ගියා 👋👋 තවත් පෝස්ට් එකකින් හම්බෙමු.තවත් කෙනෙක්ට බලන්න ශෙයා කරන්න 😉 ලයික් වැඩි වෙන තරමට අපි ගොඩක් වටින පෝස්ට් දානව. එහෙනම් අපි ගියා ❤️😘

Comments