මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ? මගේ ෆෝන් එකේ සිංහල අකුරු පේන්නේ නෑනේ .
ඒක හදා ගන්නේ කොහොමද ?
දාස් ගනං දීල ෆෝන් ගන්න අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ මව් භාෂාවෙන් තියෙන ලිපියක් බලාගන්න බැරිකම.
අද මම කියලා දෙන්න හදන්නේ Android KitKat මෙහෙයුම් පද්ධතිය හෝ Android LoliPop මෙහෙයුම් පද්ධතිය දුවන ෆෝන් වලට සිංහල දා ගන්න හැටි ගැන.
මේකට අපිට ෆෝන් එක රූට් කරගන්න වෙනවා.
රූට් කරන එක ගැන අපි පේජ් එකෙන් පෝස්ට් දාල තියනව:-D ඒත් අද අපි කිටල දෙන්නෙ ඔට රූට් බහිරවයගෙන්නුත් අවසර අරනම කරන හැටි මුල ඉදලම මේකෙ ගන්න තියන ගොඩක් ඇප්ලිකේශන් අපි කලිම් දීපුව තමා
මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?
😯දන්න අය ඉන්නව නොදන්න අයට තමා කියල දෙන්නෙ මේකට අපි කලිම් පෝස්ට් එකක අපෙ අනික් ඇඩ්මින් දාල තිබුන ඊට අමතරව මේකත් කියවන්න අද මට වැඩක් නෑ ෆ්‍රී ඒ නිසා හරි එහෙනම්👇👇👇👇👇
________________________________________
රූට් කරනවා කියන්නේ ඇත්තටම කඩෙන් ගත්තු බඩුවක පෙට්ටි කඩනවා වගේ වැඩක් තමා:-D පෙට්ටි කිවුවාම ඔන්න ඉතිම් 😂😂 උබල ඈ හරි අපි කියමුකො පැකින් කියල හරිනෙ එතකොට😁
ඒ කියන්නේ අපේ ජංගමේ තියෙනවා මෙහෙයුම් පද්ධතියක්. හරියටම Computer එකේ Windows තියෙනවා වගේ. අපි වින්ඩෝස් දාන්නේ සාමාන්‍යෙයන් C පාටිශන් එකටනේ. ඒ වගේ ෆෝන් වලත් System එක දාලා තියෙන වෙනම කොටසක් තියෙනවා. වෙනසකට තියෙන්නේ මේ කොටසේ වෙනස්කම් කරන්න අපිට අවසර නෑ. ජංගම දුරකථන සමාගමෙන් දුරකථනයට වගකියන නිසා ඒ කොටස වෙනස්කම් කරන්න අපිට ඉඩ දෙන්නේ නෑ. system එකේ වෙනස් කම් කලොත් ඒ අය වගකීමෙන් බැහැර වෙනවා
එයාලගෙ වාසියට.
ඒ නිසා මුලින්ම කියන්න ඕනි රූට් කලාම වොරන්ටි එක කැන්සල් වෙන්න ඉඩ තියෙනවා (ඒක සමාගම් අනුව වෙනස් වෙන්න පුළුවන්). මොකද රූට් කලාම වෙන්නේ අපිට මෙහෙයුම් පද්ධිතිය එහෙම නැත්නම් System Partition එකේ වෙනස්කම් කරන්න අලුතින් ෆයිල් එකතු කරන්න අවශ්‍ය අවසර ලබාදෙන එක. මෙහෙයුම් පද්ධතිය වෙනස් කරනවා කියන්නේ ෆෝන් එකට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් සමාගම් වලින් රූට් කලාට පස්සේ වගකියන්නේ නෑ. ඒත් සමහර සමාගම් අන් රූට් (unroot) කලාම ඒ කියන්නේ ඒ අවසරය අයින් කලාම වොරන්ටි එක දෙනවා. අන්රූට් කරන හැටි පසුවට කියන්නම්.
දැන් අපිට ඕනි කරන්නේ සිංහල දා ගන්න එකනේ. ඇත්තටම අපිට හරියට සිංහල පේන්නේ නැත්තේ මෙහෙයුම් පද්ධතියේ සිංහල ෆොන්ට් අඩංගු නැති නිසායි. පරිගණක වල පහසුවෙන් ෆොන්ට් දාගන්න පුළුවන් උනත් ජංගම දුරකථන වල එහෙම බෑ. මොකද දුරකථන සමාගම් මෙහෙයුම් පද්ධතියටත් වගකියන නිසා (Software Warranty).
ඒ නමුත් අපිට සිංහල ෆොන්ට් එක දා ගන්න ඕනිනේ. ඒ නිසා ඒ රිස්ක් එක අරන් අපි සිංහල දා ගන්නවා.
ඒකට මුලින්ම රූට් කරලා ඉන්න ඕනි. මම පියවර වශයෙන් කියලා දෙන්නම්.
Samsung අයට එහෙම ඔය ඔහොන්ම බ්ලොග් එකේ හරි පේජ් එකේ හරි පගලට ගියාම පෝස්ට් එකක් දාල තියනව කෝකටත් කියල ඒ ලින්ක් එකත් දාන්නම්කො එහෙනම් ඒකටමෙතනිම් ගිහිල්ල බලල ඉන්න කැමති අය ඔන්න අනික් අයට එහෙනම් කියල දෙන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් වලිම්ම කරන ක්‍රමයක් 👇👇👇👇👇ඔයාලට කැමති විදියකට කරගන්න පුළුවන් මතක තියාගන්න 😔👇👇👇👇👇👇
මේවගෙන් වෙන කිසිම අලාබ හානියකට අපි වෆ කියන්නෙනම් නෑ😭😭
හරි එහෙනම්👇
________________________________________
⏩රූට් කරන විවිධ ක්‍රම තියෙනව .
⚙App එකක් ඉන්ස්ටෝල් කිරීමෙන්
⚙Custom Firmware install කිරීමෙන් මේ ක්‍රමේනම් ඔයාලට උඩ දාල තියන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ☝️☝️☝️
⚙Custom ROM install කිරීමෙන්
⚙CWM, TWRP රිකවරි Install කිරීමෙන්
⚙ADB shell මගින්
මේවායේ ගොඩක් ක්‍රම කෙනෙකුට එකපාරට අවබෝධ කරගන්න ටිකක් අපහසු ක්‍රම. ඒත් උනන්දුවක් තියෙන ඕනි කෙනෙකුට ගූගල් කරලා පහසුවෙන් කරගන්න පුළුවන්.
ඒ වගේම මීට අමතරව මෑතක් වෙනකල් සෝනි ෆෝන් Boot Loader Unlock නොකර රූට් කරන්න හැකියාවක් තිබුණේ නෑ. නමුත් මේ ක්‍රමයට BL Unlock නොකරම රූට් කරගන්න පුළුවන්
අපි මෙතනිම්👇 කියල දෙන්න යන්නේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා පහසුවෙන් රූට් කරගෙන සිංහල දාගන්න හැටි.
Samsung අය අර උඩ ක්‍රමේට කරගන්න එක ලෙසි කැමති අය එහෙම කරගන්න නැතිනම් මෙහෙම කොහොම හරි අදාල නෑ ඒක අපිට😁🔫 හරි👇
______________________________________________________________________
මුලින්ම මේ ෆයිල් එක (King Root) ඩවුන්ලෝඩ් කරගන්න ආකො
ඊට පස්සේ ඒකෙ තියෙන ඇප්ලිකේශන් එක insttall කරගන්න ඔතනිම් ගන්න අමාරුනම් වෙන සයිට් එකකින් හරි කමන්නෙ නෑ කොහොම හරි ඉතිම් king root
දැන් කිට්කැට් KitKat කට්ටිය මේ ෆොන්ට් ෆයිල් එකත් -KitKat Font මෙන්න මෙතනිම්
ලොලි පොප් LoliPop කට්ටිය මේ ෆොන්ට් ෆයිල් 2ත් - LoliPop Fonts මෙන්න මෙතනිම්
හරිනෙ ඔය ටික එහෙනම්⏩
phone එකට දාගන්න. (SD Card එකට දා ගන්න පුළුවන් නම් වඩාත් හොදයි)
ඉන් පස්සේ phone එක PC එකෙන් ගලවලා ES File Explorer File Manager එක ඉන්ස්ටෝල් කරගන්න. මේ ඇප්ලිකේශන් එක ඔයාලට අපි දීල තියනව ප්‍රෝ එකම ඒක ගිහිල්ල download කර ගන්න තියන අයටනම් අවුලක් නෑ😁 පේජ් එකේ දාල තියනව එක්කො ඒකෙත් ලින්ක් එක දාන්නම්කො පෝස්ට් එක පට්ට දික් වෙයි ඈ මෙන්න එකත් 👈ඔතනිම් ගනිම්කො
______________________________________________________________________
දැන් අපි වැඩේට බහිමු. හැබැයි සියලුම වග කීම් ඔබ අතේ පෝස්ට් එක හොදටම කියවලා කරන්න 👇👇👇
මුලින්ම රූට් කරන වැඩේ පටන් ගමු. KingRoot-4.1.0.apk එක ඉස්සරල insttall කර ගත්තනෙ
ඉන් පස්සේ King Root එක රන් කරන්න (Open)😁
එතන එන වින්ඩෝ එකෙන් රූට් කරන්න දෙන්න. සමහරවිට එක වතාවක් ෆේල් වෙන්න පුළුවන්. phone එක restart කරලා ආපහු උත්සාහ කරන්න. බොහෝදුරට මේක වැඩකරනවා ගොඩක් ෆෝන් වලට.
රූට් උනාට පස්සේ ආයෙ රිස්ටාට් වේවි සමහරවිට. ඉන්පස්සේ King User කියල ඇප් එකක් ඉන්ස්ටෝල් වෙලා තියේවි.⚙
දැන් තමා අපිට සිංහල දාන වැඩේ තියෙන්නේ. මුලින් කිව්වේ ES File Explorer File Manager එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. දැන් ඒක ඕපන් කරන්න⏩👇
දැන් KitKat අයත් ලොලිපොප් අයත් මම දීපු ෆයිල් කොපි කරගන්න.
කොපි කරගෙන වම් පැත්තේ උඩම තියෙන මේ බටන් එක ඔබලා ප්‍රෝ එකෙනම් වමින් ඇද්දත් එනව ඊට පස්සෙ👇
ලැබෙන මෙන්න මේ මෙනු එකෙන් Local > /Device > Fonts කියන පාත් එකට යන්න.
ඉන්පස්සේ ආයෙත් මේ මෙනු එකෙන් පහලට ගිහින්
Tools > Root Explorer > Mount R/W ගිහින්
හැම එකකටම RW ටික් එක දෙන්න මම ඔය දාලා තියෙන විදියටම.
ඉන්පස්සේ එන වින්ඩෝ එක Allow දෙන්න.
දැන් රූට් ඇක්සස් හෙවත් රූට් අවසරය තියෙනවා වෙනස්කම් වලට.
දැන් අර කොපි කරගත්තු ෆයිල් එක හෝ කිහිපය Font Folder එකට පේස්ට් කරන්න.
LoliPop අයට නම් එපමණයි.
ඒත් KitKat අයට තව පොඩි වැඩක් කරන්න තියෙනවා.
මෙනු එකට ගිහින් Local > /Device > Etc කියන පාත් එකට යන්න.
fallback_fonts.xml කියල ෆයිල් එකක් ඇති.
මුලින්ම ඒක බැකප් එකක් SD Card එකට කොපි කරගෙන වැඩේට බහින්න
දැන් ES Note Editor එකෙන් fallback_fonts.xml ෆයිල් එක ඕපන් කරගෙන එඩිට් කරන්න පටන් ගන්න
<family>
<fileset>
<file>DroidSansFallback.ttf</file>
</fileset>
</family>
<family>
කියන තැන හොයාගන්න
එතන <family> කියන තැනට උඩින් මම පහල දාලා තියෙන ටික ඒ විදියටම ටයිප් කරන්න
</family>
<family>
<fileset>
<file>iskolapotha.ttf</file>
</fileset>
</family>
ටයිප් කරලා Save කරලා Exit වෙන්න.
ඊට පස්සේ Phone Restart කරලා බලන්න. සිංහල Install වෙලා තියේවි.
___________________________________________________________________
ICS හෝ Jelly Bean තියෙන අයට පුළුවන් iskolapotha.ttf File එක > DroidSansFallback.ttf විදියට rename කරල අර Font Folder එකට Replace කරන්න. ඒ ගැන ගොඩක් ලිපි තියෙන නිසා ඒ ගැන කියන්න මම ඒ තරම් කාලයක් ගන්නේ නෑ.
නමුත් උත්සාහ කරලා බලන්න. ගැටළුවක් උනොත් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරනකොට පේජ් එකටම කරන්න අපි බ්ලොග් එකට එනව අඩුයි අනික පේජ් එකේ නිතරම ඇඩ්මින් කෙනෙක් ඉදීවි #ref-menu
Comments
Post a Comment