Torrents download

ඔන්න යාලුවනෙ අදත් ඇන්ඩ්‍රොයිඩ් බට්ටා අරන් ආව තව වැඩක් 😉 අද කියල දෙන්න යන්නෙ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන හැටි.සමහරු ඉල්ලලත් තිබ්බනෙ 😊ඉස්සෙල්ලම ඔය පාත තියෙන ඇප් එක ගන්ඩෝන.
අපි ඉතින් ඔයාලට සල්ලි දීල ගන්න තියෙන ඒවත් දෙන එකේ ඔන්න ඒක ගන්නත් ලිංක් එකක් දෙන්නම් 😊 ඩවුන්ලෝඩ් කියල තියෙන ඇඩ් වලට රැවටුනොත්නම් එපා වෙයි. ඔරිජිනල්ම තැනින් ගන්න.


හරිනෙ. ඔන්න එහෙනම් දැන් වැඩේට බහිමු. ඉස්සෙල්ලම  අපි මේක ඉන්ස්ටෝල් කරගමුකො.ඊට පස්සෙ අපිට ටොරන්ට් ෆයිල් එකක් එපැයි.  ඒකත් ඔයාලට බයිස්කෝප් සයිට් එකෙන් ගත්තැකි.ඒත් නැත්තන්  Google වගේ බාන්ඩයක් තියේ. ඒකෙන් ඕන ෆිල්ම් එකේ හරි මොකේ හරි නම සර්ච් කරාම කෙලින්ම ටොරන්ට් ෆයිල් එක තමයි දෙන්නෙ අපිට.


ඔතනින් පුලුවන් ඒකත් කරගන්න. 😊 ඔන්න ඒකෙනුත් අපි ටොරන්ට් ෆයිල් එක ගත්ත කියමුකො.ඔය සයිට් එකේනම් ඩවුන්ලෝඩ් කියල දීපු ගමන් යන්නෙ ඇප් එකට. පිටින් ටොරන්ට් ෆයිල් ගන්න පුලුවන් google සර්ච් කරල.එහෙම ගත්තම ඔය පහල පික් එකේ වගේ පෙන්නයි (  ගන්න එකේ නම.torrent ) කියල. 


ඕක ඩවුන්ලෝඩ් උන තැනට ගිහින් ටච් කරාම ඇප් එක ඕපන් වෙයි. ඔය පාත පික් එකේ වගේ එයි.


ඔතන ඔය ඇඩ් කියන එක ටච් කරාම බබා වගේ ඩවුන්ලෝඩ් වෙන්න ගනී.ඊට පස්සෙ හරි ඉතින්.ඒකෙත් screenshot එකක් දැම්ම ඔන්න.....



ඒකත් හරිනෙ.ඔන්න එහෙනම් ටික වෙලාවකින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙයි.ඉවර උනාම ඇප් එක close කරන්න නැත්තන් seed වෙයි.ඩේට කැපෙනව එතකොට. ටොරන්ට් ෆයිල් වල ස්පීඩ් එකත් ඔය seeders ල මත තමයි පදනම් වෙන්නෙ. ඒ කියන්නෙ ඔයා ගන්න ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ගන්න අනිත් අයටත් ගන්න අප්ලෝඩ් කරන අය මත. ඒව ඕන නෑ. විශේශම දෙයක් තමයි සමහර ටොරන්ට් බොරු ඒව. ( වයිරස් ද නැතුවම නොවේ ) ඒ හින්ද පොඩ්ඩක් බලල ගන්න ටොරන්ට් එක. හිතන්න බැරි සයිස් එකක්නම් / තියෙන ෆයිල් වර්ගෙ අදාල එක නෙවේනම් එහෙම ඒක ගන්න කලින් ආයෙ හිතන්න. මොනාහරි ප්‍රශ්නයක් තියේනම් අහන්න 😊 එහෙනම් අපි ගියා....... 😉😉😉😉 ඇන්ඩ්‍රොයිඩ්  බට්ටට ලයික් එකක් දාල ශෙයා කරන්න 😊❤️😉

Comments